මහානාග මහා විද්‍යාලය

පාසලේ ඉතිහාසය

2025 A/L ඇතුලත් කරගැනීම්

slide 2.png
slide 2.png

මෙම වසරේ 94 වන වියට පා තැබූ මහානාග මහා විදුහල මෙතෙක් ආ ගමන් මග දෙස ආපසු හැරී බලන විට එය ලබා ඇති ප්‍රගතිය පිළිබඳව නිහතමානීව ආඩම්බර විය හැකි බව සඳහන් කරමි. රංවල විදුහල නමින් 1930 දී සිසුන් 20 දෙනෙකුගෙන් ආරම්භ කරන ලද මෙම විදුහල මේ වන විට සිසුන් 1960ක් පමණ අධ්‍යාපනය ලබන 120 ක් පමණ වන ආචාර්ය මණ්ඩලයකින් සමන්විත නගරයේ ඡනප්‍රිය 1 AB ශ්‍රේණියේ පාසලක් බවට පත්ව ඇති බව සිහිපත් කරන්නේ නිහතමානි ආඩම්බරයකිනි.

දහස් සංඛ්‍යාත දරු දැරියන්ට උසස් අධ්‍යාපනය ලබාදීමට මංපෙත් විවර කරනු පිණිස 1960 දශකයේ මුලින්මඋසස්පෙළ කලා හා වාණිඡ අංශයන් ආරම්භ වීම ප්‍රදේශයේ දරු දැරියන් ලද භාග්‍යකි.එසේම 2009 වර්ෂයේ සිට උසස් පෙළ විද්‍යා විෂයන් ආරම්භ කිරීම වෛද්‍යවරුන්,ඉංඡිනේරුවන් වීමට සිහින දකින දරු දැරියන්ට මනා තෝතැන්නක් විය.මෙම කලා,වාණිජ,විද්‍යා යන අංශ ත්‍රිත්වයෙන්ම මේ වන විට විශාල සිසු පිරිසක් සරසවි වරම් ලබා තම ජීවන ගමන සාර්ථක කරගෙන වර්ථමානයේ සමාජයේ ඉහළ තලවල වැජඹීම අප කාටත් ආඩම්බර විය හැකි කරුණකි.

ජීවිතයේ  පැමිණෙන අභියෝගවලට සාර්ථක ලෙස මුහුණ දෙමින් ජීවිතය ජයගැනීමට මහානාග සිසු සිසුවියන් හුරුකරවීම සඳහා ඔවුන්ගේ විවිධ දක්ෂතා හා නිපුණතාවයන් ඔප් නැංවීමට විද්‍යාලීයය ගුරු මණ්ඩලය දරන වෑයම පිළිබඳව මාගේ ප්‍රශංසනීය ස්තූතිය පිරිනමමි.

මළල ක්‍රීඩා, නෙට්බෝල්, වොලිබෝල්, කරාටේ, චෙස් ,බැඩ්මින්ටන් ආදී විවිධ ක්‍රීඩා වලින් ජයකෙහෙලි නංවන්නට මහානාග දරුවන් සමත් වී ඇත. අප විද්‍යාලයේ දැල් පන්දු කණ්ඩායමේ දියණියෝ සබරගමු පළාතේ සියලු පාසල් අභිභවා 2019 වර්ෂයේ නොකඩවා 4 වන වරටත් සමස්ත පළාත් ශූරතාවය ලබාගෙන සමස්ත ලංකා තලයට යාමට සුදුසුකම් ලැබීම සතුටින් සිහිපත් කරමි.

සෞන්දර්යය අංශයේ නර්තන, හා සංගීත,චිත්‍ර අංශ ත්‍රිත්වයෙන්ම පළාත් ජයග්‍රහණ ලබා ගැනීමට අප විද්‍යාලයේ දරුදැරියන් සමත් වු බව පවසන්නේ ආඩම්බරයෙනි. පාසලේ ක්‍රියාත්මක වන තත්ව කව රාශියකි. 2017 වර්ෂයේ 20 වන ජාත්‍යන්තර සිසු තත්වකව තරගාවලියේදී තත්වකව,පෝස්ටර්,කෙටි නාට්‍ය හා ශිෂ්‍ය පාර්ලිමේන්තු අංශ යටතේ අප පාසලේ දරුවන් සුවිශේෂී ඇගයීමට ලක්වීම විදුහලට මහත් අභිමානයකි.2017 වර්ෂයේ දෙමළ භාෂා තරගාවලියේදී කියවීම අංශයෙන් සමස්ත ලංකා ජයග්‍රහණයක් ලැබීමද සුවිශේෂීවම සිහිපත් කරන්නේ සතුටිනි.

අප පාසලේ ක්‍රියාත්මක වන විෂය සමගාමී ක්‍රියාකාරකම් යටතේ සිත් පවුර මාධ්‍ය කවය මගින් city fm ගුවන් විදුලිය සමඟ එක්ව සංවිධානය කළ මිහිර මනරම් රසවින්දනාත්මක වැඩසටහන,වාණිජ දිනය,විද්‍යා දිනය අප පාසලේ දරු දැරියන්ට මෙන්ම කලාපයේ අනෙකුත් පාසල්වල දරු දැරියන්ටද දැනුම බෙදා දුන් අනගි අවස්ථාවන් විය.

පන්ති කාමර ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියෙන් බැහැරව විවිධාංගීකරණය කිරීම සඳහා සිසු වැඩමුලු හා ක්ෂේත්‍ර චාරිකා වලටද සිසුන් සහභාගී කර ඇත. සමනල,කුඩා මිතුරි,කිටී, බාලදක්ෂ, බාලදක්ෂිකා,පෝතක බාලදක්ෂ,ශිෂ්‍ය භට, රතුකුරුස සංගමය,පරිසර මිතුරෝ, යෞවන තිළිණ  ඒකක වැනි විෂය බාහිර ක්‍රියාකාරකම් මගින් දරුවන්ගේ පෞරුෂ වර්ධනය සඳහා අවස්ථාවන් උදාකර දී ඇත. ඉදිරි වර්ෂය තුළදී මෙම විෂය සමගාමී ක්‍රියාකාරකම් තව තවත් සවිමත් කරමින් විද්‍යාලයේ සිසු සිසුවියන් හට සුවිශේෂී අත්දැකීම් රාශියක් ලබා දීමට මේ වන විටත් සැලසුම් සකස්කර ඇත.

අධ්‍යාපන අමාත්‍යංශය හරහා  බ්‍රිතාන්‍ය කවුන්සිලය මගින් ක්‍රියාත්මක වන Global Link ව්‍යාපෘතිය 2007 වර්ෂයේ සිට ඉතා සාර්ථකව පවත්වාගෙන යන අතර ඒ අනුව අප පාසල එංගලන්තයේ පාසලක් සමඟ වර්ෂ 2007 සිට අඛණ්ඩව සම්බන්ධතා පවත්වා යමින් ජාත්‍යන්තර පාසල් ප්‍රදානය නොකඩවා සිව් වසරක් ලබාගත් ශ්‍රී ලංකාවේ එකම පාසල බවට පත්ව ඇති බව ඔබ සැම ඉදිරියේ පවසන්නේ ඉමහත් ආඩම්බරයකිනි. මීට අමතරව නේපාලය, ඉන්දියාව වැනි රටවල්වල පාසල් සමඟද සම්බන්ධතා පවත්වාගෙන යමින් ගුරු සිසු දෙපාර්ශවයටම නව්‍ය අත්දැකීම් ලබා දීමට පාසල සමත් වී ඇත.

අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන් පිළිබඳව සොයා බලා කෙරෙන සුබ සාධන කටයුතු කිහිපයක්ම පාසලේ ක්‍රියාත්මක වන අතර බොහොමයක් කටයුතු පාසලේ ගුරු මණ්ඩලය ස්වේච්චාවෙන් තම පුද්ගලික කාලය ,ශ්‍රමය, ධනය වැය කර සිදු කිරීම මාගේ පාසලේ ගුරු මණ්ඩලයේ විශේෂත්වයකි.

 

Mahanaga Maha vidyalaya 1928 - Kaushika Liyanage ???? | Facebook

ආරම්භ කළ වර්ෂය

1929 

එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව

02

පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව

10

මුල් ගුරුතුමාගේ නම

එම්. ඒ. ජයසේන මහතා

පාසලේ ආදි කතෘගේ නම

ඩේවිඩ් ගුණවර්ධන මහතා

පාසලේ මුල් ගොඩනැගිලි ගණන

01

පාසලේ නම

මහානාග මහා විද්‍යාලය

පාසල භාරව කටයුතු කිරීම

ජී.වී. හල්පොල මහතා

පාසල රජයට පවරාගත් දිනය

1955 ඔක්තෝම්බර් 15

පාසල පැවැත්වූ ස්ථානය

මහානාග මහා විද්‍යාලය, රංවල

ප්‍රථම ශීෂ්‍යයා භාරගත් වකවානුව

1940 දෙසැම්බර් 10 දින