මහානාග මහා විද්‍යාලය

2025 A/L ඇතුලත් කරගැනීම්

slide 2.png
slide 2.png
  1. දිනපතා දෙමාපියන් වැඳ පාසල් පැමිණිය යුතුය
  2. පාසල් මාවත හා මහා මාර්ගය භාවිතයේදී දකුණු පසින් ගමන් කළ යුතුයි
  3. පෙ.ව. 00 වන විටවත් පාසලට පැමිණිය යුතුය.
  4. ශිෂ්‍ය නායක නායිකාවන් පෙරවරු 40 වන විට පාසලට පැමිණිය යුතුය.
  5. නිල ඇඳුම් ටයි පටිය පාසල් ලාංඡනය හා සපත්තු වලින් සැරසී පාසලට පැමිණිය යුතුය
  6. පාසල තුල මුදු මාල වළලු පැළඳීම සපුරා තහනම්ය.
  7. පාසල තුළදී ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ජංගම දුරකථන භාවිතය තහනම් ය.
  8. අ.පො.ස. සාමාන්‍ය‍ය පෙළ හා උසස් පෙළ පන්ති වල දරුවන් සතියේ පාසල් කාලය තුළ පෞද්ගලික පන්ති වලට යෑමෙන් වැලකිය යුතුයි.
  9. සෑම දරුවෙක්ම කාලසටහනට අනුව පෙළපොත් රැගෙන ආ යුතුය
  10. අමතර අධ්‍යාපනය සඳහා පෞද්ගලික පන්තිවලට සහභාගි වීම පාසල් දින වල පාසල් කාලයෙන් පසුව සහ සෙනසුරාදා , ඉරිදා දිනවල යොදාග ගත යුතුය.
  1. සෑම ළමයෙක්ම දිවා ආහාරය කෑම පෙට්ටියක ගෙන ආ යුතුයි හැඳන්දක්ද පාවිච්චි ව වඩාත් සුදුසුය පොලිතින් භාවිතය සපුරා තහනම් අතර පන්තියේ තම පුටුවේ හිඳගෙන කෑම ගත යුතුය
  2. කාලඡ්චේද තුළදී පන්තියෙන් බැහැර වීමේ දී ගුරුවරයාගෙන් අවසර ගත යුතු අතර කාඩ්පත රැගෙන යා යුතුය.
  3. පන්ති වල ඉගැන්වීම් කටයුතු සිදු කරන විට ගුරුවරයාට හා අසල්වැසි පන්තිවලට හිරිහැර නොවන ලෙස හැසිරිය යුතුයි
  4. විවේක කාලයෙන් පසු පෙ.ව. 30 සිට 11.35 වන කාලය දක්වා සෑම ළමයෙකුම පන්තිය පිරිසිදු කර ගත යුතුය.
  5. ජල කරාම අසල, වැසිකිළි කැසිකිළි අවට, පාසල් මිදුල, විශේෂ ඒකක අවට පරිසරය පිරිසිදු කිරීම් පිළිබඳ ශිෂ්‍ය නායක/ නායිකා අවධානය යොමු කළ යුතුය.
  6. පහසුකම් හා සේවා ගාස්තු, පාසල් සංවර්ධන සමිති අනුමත කරන ගාස්තු, පාසලට අනිවාර්යෙන්ම ගෙවිය යුතුයි. (ගාස්තු වලින් නිදහස් කිරීම් සඳහා ග්‍රාම නිලධාරීතුමා හා උපදිසාපතිතුමාගේ ලිපියක් ඉදිරිපත් කරන්න.)
  7. කිසිදු විටෙක ඉහළ පන්ති වල ශිෂ්‍ය ශිෂ්‍යයාවන් පහළ පන්තිවල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට හිරිහැර නොකළ යුතුයි.
  8. ඉහල පන්ති වල ශිෂ්‍ය ශිෂ්‍යාවන් පහළ පංතිවල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට තර්ජනය කර මුදල්, පොත්, පැන්සල් හෝ වෙනත් ද්‍රව්‍යක් ඉල්ලිම තහනම්.
  9. පාසලේ ඩෙස් පුටු හා වෙනත් උපකරණ කඩා බිඳ දැමීම අධිකරණයෙන් දැඬුවම් ලැබිය හැකි වරදකි.
  10. ගැහැණු හා පිරිමි දරුවන් මත්ද්‍රව්‍ය ගෙන ඒම ළඟ තබා ගැනීම හෝ ඒ සම්බන්ධව වෙනත් කෙනෙකුට උපකාර කිරීම පන්ති තහනම් වීමට හා පාසලෙන් අස් වීමට හේතු වේ.
  11. පාසල් වේලාවෙන් පසු හෝ සෙනසුරාදා, ඉරිදා දිනවලත් රජයේ නිවාඩු දිනවලත් පාසලේ පැවැත්වෙන අතිරේක් පන්ති වලට පාසල් නිල ඇඳුමෙන් සහභාගී විය යුතුයි.
  12. පාසලේ දී ශිෂ්‍ය ශිෂ්‍යාවන් අතර ඇතිවන ගැටලු පිළිබඳ බාහිර පුද්ගලයන්ට පණිවිඩ ලබා දීම සපුරා තහනම්.
  13. අවසර නොලබා හෝ ගුරුවරයෙක් නොමැතිව පාසල් වේලාවෙන් පසුව පාසල නැවතීම හෝ ක්‍රීඩා පිටියේ සිටීම තහනම්.
  14. පාසල ආරම්භයේදී නිශ්ශබ්ද වීමේ සීනුවට සෑම ළමයෙක්ම නිහඬවී තමා කරමින් සිටි වැඩ නැවතිය යුතුය.
  15. සවස ද නිශ්ශබ්ද වීමේ සීනුවට නිහඬ විය යුතුය.
  16. පාසල් නොපැමිණි විට ගෙදරින් මව්පිය සම්බන්ධතා පොතේ ඒ බව දෙමව්පියන් විසින් ලියා අත්සන් කර එවිය යුතුය.
  17. ප්‍රමාද වී පැමිණීම දඬුවම් ලැබිය හැකි වරදකි. අවසර ලැබෙන තුරු පාසල් ගේට්ටුව ළඟ සිටිය යුතුය.
  18. වැඩිහිටි පිරිමි ළමුන් කොණ්ඩය, රැවුල පාසලට ගැලපෙන ලෙස කපා සිටිය යුතුය.
  19. නිල ඇඳුමේ පාසල් ලාංඡනය පැළඳ සිටිය යුතුය.
  20. පාදයෙ තුවාලයක් හැරුණු විට සෙරෙප්පු පාවිච්චිය තහනම්. එය දඬුවම් ලැබිය හැකි වරදකි.
  21. ගැහැණු ලමුන් සුදු සපත්තු, සුදු මේස් සහ පිරිමි ළමුන් කළු සපත්තු සුදු මේස් දැමිය යුතුයි.
  22. පාසල් ලමුන් කුමන අවස්ථාවක හෝ පාට ඇඳුමින් පාසලට නොපැමිණිය යුතුය.
  23. තමා පාසලට බස්රථවලින් පැමිණෙන්නේ නම් පාසල අවසානයේ හැකි ඉක්මනින් නිවෙස් බලා යා යුතුය.
  24. පාසල් සහෝදර සහෝදරියන්ගෙන් වන අතර මග හෝ වෙනත් බාහිර අයගෙන් කරදරයක් ගැටලුවක් වුවහොත් වහාම පන්තිභාර ගුරුවරයාට දැන්විය යුතුයි.
  25. හදිසි අවස්ථාවකදී හැර පන්තිභාර ගුරුවරයාට හෝ වෙනත් ගුරුවරයකුට නොදන්වා විදුහල්පති හමුවීම නොකරන්න.
  26. ශිෂ්‍ය නායක නායිකාවන්ට, පන්ති නායක නායිකාවන්ට, විෂය නායක නායිකාවන්ට කීකරු විය යුතුය.
  27. නින්දට යැමේදී දෙමව්පියන්ට වැඳ සබ්බපාපස්ස අකරණං යන ගාථාව සිහිපත් කළ යුතුය.
  28. සියලුම දරුවන් පාන්දර 4.00 ටවත් අවදිව දවසේ වැඩ පටන් ගැනීම වටී.