මහානාග මහා විද්‍යාලය

2025 A/L ඇතුලත් කරගැනීම්

slide 2.png
slide 2.png

පාසලේ අනන්‍යතාවය, පිළිවෙල හා සාමුහිකත්වය ඔප්නංවන ප්‍රධාන අංගය නිළ ඇදුමයි. නිල ඇදුම භාවිතා කිරීමේදී පහත දැක්වෙන නීති රීති අනුගමනය කිරීම අනිවාර්ය වේ.

පිරිමි ළමුන් (1-9)                                                                  

  • කොන්ඩය කොටට කපා පීරිය යුතුය. 
  • පාසල් ලාංඡනය සාක්කුවේ දකුණු හා ඉහළ කෙළවර සම්බන්ධ කර මසා තිබිය යුතුය.
  • කලිසම නිල් පාට විය යුතුය.
  • සුදු මේස් හා කළු සපත්තු පැළඳිය යුතුය.

නිල ඇඳුම සඳහා කළු, සරල ඔර්ලෝසු පැළඳිය හැකිය.

පිරිමි ළමුන් (10-13)

  • කොන්ඩය කොටට කපා පීරිය යුතුය.
  • පාසල් ලාංඡනය සාක්කුවේ දකුණු හා ඉහළ කෙළවර සම්බන්ධ කර මසා තිබිය යුතුය.
  • සපත්තු වර්ණය කළු පැහැති විය යුතුය.
  • කලිසමේ පසුපස සාක්කුව දකුණු පසින් තිබිය යුතුය.
  • කලිසමේ පහළ කෙළවර පාවහන් මට්ටමෙන් තිබිය යුතු අතර ඉහළ ඉස්සෙන ආකාරයෙන් පැලදීම නොකල යුතුය.
  • කලිසමේ පහළ කෙළවරවල් සමාන්තර විය යුතුය.

නිල ඇඳුම සඳහා කළු, සරල ඔර්ලෝසු පැළඳිය හැකිය.

ගැහැණු ළමුන් (1-13)

  • කොණ්ඩය හිස මැදින් හොදින් පෙනෙන සේ දෙකට බෙදා තිිබිය යුතුය.
  • පාසල් ලාංඡනය සාක්කුවේ දකුණු කෙළවර සම්බන්ධ කර මසා තිබිය යුතුය.
  • සුදු මේස්, සුදු සපත්තු පැළදිය යුතුය.
  • කොන්ඩය කණ නොවැසෙන සේ මනාව පීරා තිබිය යුතුය.
  • බද පටිය අගල් 2කට නොවැඩි විය යුතුය.